ගොවීන්ගේ වෙළඳපොල

කාබනික එළවළු පළතුරු සහ වෙනත් කාබනික නිෂ්පාදන

තේමාව

පාරිභෝගික සෞඛ්‍ය – ගොවීන්ගේ වත්කම
ගොවින්ගේ කාබනික එළවළු පළතුරු සහ වෙනත් කාබනික නිෂ්පාදන අතරමැදියකු නොමැතිව සෘජුවම පාරිභෝගිකයා වෙත අලෙවිකිරිම සදහා මෙම ගොවි වෙළඳපල පිහිටුවා ඇත.
එය සැම සතියකම බදාදා දින අනුරාධපුර මහජන පොළ පරිශ්‍රයෙ පැවැත්වේ.මෙම වෙළඳපල අධික්ෂණ කටයුතු උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වැව්ගම් පුබුදිව වැඩසටහන මඟින් සිදු කරනු ලබයි.

අරමුණු

1. ගොවින්ගේ කාබනික නිෂ්පාදන අතරමැදියන් රහිතව පාරිබෝගිකයන් වෙත ළගා කරවිම.
2. කාබනික නිෂ්පාදන සදහා සාධාරණ මිලක් ලබාදිම සහ නිෂ්පාදන සදහා දිරිගැන්විම.
3. කාබනික නිෂ්පාදන සදහා වෙළදපල නිර්මානය කරලීම
4. අතරමැදියන් රහිතවීම මත නිෂ්පාදන සඳහා අධික මිළක් නිර්මාණය වීම වැලැක්වීම
5. කාබනික නිෂ්පාදන සඳහා වෙළඳපොළ තුල පවතින ඉල්ලුම සපුරාලීම
6. කාබනික නිෂ්පාදන (ආහාර අගය එකතු කල නිෂ්පාදන ) සුලභ කිරීම සහ ඒවා වෙළඳපොල වෙත හඳුන්වාදීම
7. යැපුම් කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන් කණ්ඩායම්ගත කිරීමෙන්ම වාණිජ ගොවීන් බවට පත් කරලීම සහ කෘෂි ව්‍යවසායකයින් නිර්මාණය කිරීම
8. ආහාර සුරක්ෂිතතාවය ඇති කරලීම