දැක්ම

තෘප්තිමත් හා සෞ‍භාග‍්‍යමත් ගොවි ප්‍රජාවක් සහිත සමෘද්ධිමත්  පළාතක් බිහි කිරිම.

මෙහෙවර

නව යෝග්‍ය කෘෂිකාර්මික තාක්ෂණය හා කෘෂිකාර්මික යටිතල පහසුකම් භාවිතයෙන් ආහාර සුරක්ෂිතතාව, පරිසර හිතකාමි කෘෂිකර්මාන්තය, වාණිජ කෘෂිකර්මාන්තය හා කෘෂි ව්‍යාපාර සියළුම පාර්ශවකරුවන්ගේ මනා සහයෝගීත්වයෙන්  හා විනිවිදභාවයෙන් යුක්තව සංවර්ධනය කිරිම.

අරමුණු:-

  • නව හා යෝග්‍ය කෘෂි තාක්ෂණය උතුරු මැද පළාත තුල ප්‍රචලිත කිරිම.
  • ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය ප්‍රවර්ධනය.
  • ආහාර සුරක්ෂිතතාවය ඇති කිරිම.
  • පරිසර හිතකාමි කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය.
  • වාණිජ කෘෂි කර්මාන්තය හා කෘෂි ව්‍යාපාර ප්‍රවර්ධනය.
  • කෘෂිකාර්මික  යටිතල පහසුකම් සංවර්ධනය.
පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන
කාර්යාලඅනුරාධපුරපොලොන්නරුව
පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය01
නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම (ව්‍යාප්ති) කාර්යාල01
සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය01
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (කලාප) කාර්යාල0401
කෘෂිකර්ම උපදේශක කාර්යාල3304
පර්යේෂණාගාරය (පාංශු / බීජ පරීක්ෂණාගාරය )01
පැල තවාන01

 ප්‍රධාන කාර්යයන්

  1. සෞඛ්‍යාරක්ෂිත ආහාර ජනතාව වෙත සුලභ කිරිම , යහපත් ව්‍යාප්ති සේවාවක් සැපයීම සඳහා ගොවිජනතාවට නව තාක්ෂණය හඳුන්වා දීම තුළින් ඔවුන්ගේ දැනුම , ආකල්ප, කුසලතාවයන් වර්ධනය කිරිම.
  2. ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය හා සුලභතාවය ඇති කිරිම. 
  3. පහත සඳහන් කෘෂිකාර්මික කටයුතුවලට අදාල පනත් ක්‍රියාත්මක කිරිම
        • පැළෑටි සංරක්ෂණ පනත
        • පාංශු සංරක්ෂණ පනත
        • පළිබෝධනාශක පාලන පනත
        • බීජ පනත
  1. මහ ඉලුප්පල්ලම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයෙන් ක්ෂේත්‍ර පුහුණු හා ප්‍රායෝගික සේවාස්ථ පුහුණු ගොවීන් හා නිලධාරීන් වෙත ලබා දීම.
  2. පළාත තුළ පරිසර හිතකාමී යහපත් කෘෂි පිළිවෙත් අනුගමනය කරන කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රමවේදයන් ප්‍රචලිත කිරිම.
  3. රටේ ආහාර සුරක්ෂිතතාවය ඇතිකිරිම මගින් ආහාර ද්‍රව්‍ය ආනයනය අඩු කිරිම.
  4. පළාත තුළ කෘෂිකර්මය මත පදනම් වූ කර්මාන්ත හා ව්‍යවසායකයින් හඳුනාගෙන වැඩි දියුණු කිරිම.
  5. ගොවීන්ගේ කෘෂි තාක්ෂණික ගැටළු හඳුනාගෙන පර්යේෂණ ආයතනයන් වෙත යොමු කිරිම.
  6. කෘෂිකර්මයට අදාල දත්ත හා තොරතුරු ජාලයක් හා තොරතුරු කේන්ද්‍රයක් පවත්වා ගැනීම තුළින් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සහ වෙනත් රාජ්‍ය ආයතනයන් මෙන්ම තොරතුරු දැන ගැනිමේ අදාල අය වෙත තොරතුරු ලබාදීම.