සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය - මහඉළුප්පල්ල්ම

පුහුණු සඳහා සහභාගී වීම

අපගේ වාර්ෂික පුහුණු සැලැස්මට අනුව පුහුණු වැඩසටහන් සඳහා අදාල දිනයේ දී සහභාගී විය හැක.  ඒ සඳහා ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතා මඟින් හෝ අපගේ දුරකථන අංකය වන 025 – 2249134 අමතුමක් දීමෙන් ඔබගේ පැමිණීම තහවුරු කරන්න.

පවත්වන ප්‍රධාන පුහුණු

• අතිරේක ආහාර බෝග
• පළතුරු වගාව
• බිම්මල් වගාව
• බුලත් වගාව
• කාබනික පොහොර නිෂ්පාදනය
• ගෙවතු වගාව
• ක්ෂුද්‍ර ජල සම්පාදනය
• පාංශු සංරක්ෂණය
• ආරක්ෂිත ගෘහ තුල බෝග වගාව
• මී මැසි පාලනය
• මල් වගාව
• ක්ෂුද්‍ර තවාන් පාලනය

 පුහුණු සඳහා අය කිරීම්

ආයතනය මඟින් සංවිධානය මඟින් පවත්වන පුහුණු සඳහා කිසිදු අය කිරීමක් නැත.

බාහිර ආයතන මඟින් ඉල්ලන බාහිර පුහුණු සඳහා පුහුණුලාභීන් පමණක් සහභාගී කරවන අතර ඒ සඳහා සම්මත මිල ගණන් අනුව අය කිරීම් සිදු කෙරේ.

 

වාර්ෂික පුහුණු සැලැස්ම – 2024

අනු අංකයදිනයපුහුණු වැඩසටහන්ප්‍රතිලාභීන්සංඛ්‍යාව
012024.01.30ක්ෂේත්‍ර පුහුණු දිනය (ආදර්ශ පුහුණු ගොවිපල)ගොවීන්/සිසුන්/නිලධාරීන්5000
022024.02.06එළවළු වගාවේ නව තාක්ෂණය, ප්‍රභේද සහ වැදගත්කමගොවීන්40
032024.02.08එළවළු වගාවේ නව තාක්ෂණය, ප්‍රභේද සහ වැදගත්කමනිලධාරීන්50
042024.02.13බඩඉරිගු වගාවේ නව තාක්ෂණයගොවීන්40
052024.02.15බඩඉරිගු වගාවේ නව තාක්ෂණය හා දෙමුහුම් බීජ නිෂ්පාදනයනිලධාරින්120
062024.02.19වී වගාවේ නව තාක්ෂණයගොවීන්40
072024.02.22ව්‍යපෘති වාර්තා සැකසීමනිලධාරින්120
082024.03.12මිරිස් වගාවේ නව තාක්ෂණයගොවීන්40
092024.03.05-06-07පෙර කන්න පුහුණුවනිලධාරින්120
102024.03.14පළාත් තාක්ෂණ ක්‍රියාකාරි කමිටු රැස්වීමනිලධාරින්150
112024.04.02බිම්මල් වගා පුහුණුවගොවීන්40
122024.04.04පසු අසවනු තාක්ෂණය පිළිබඳ නව දැනුම (පෞද්ගලික ආයතන සමඟ)නිලධාරින්120
132024.04.25වගා හානි හා තක්සේරු වාර්තා ලබාදීමනිලධාරින්120
142024.05.07ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් පළිබෝධනාසක ඉසීමනිලධාරින්120
152024.05.15මී මැසි පාලනයගොවීන්40
162024.06.11සුළු පරිමාන ව්‍යවසායකයින් නගාසිටුවීම හා ව්‍යාපාර කළමනාකරණයනිලධාරින්120
172024.06.18පේර, අඹ වැල් ක්‍රමයට වගා කිරීමගොවීන්40
182024.06.25පිටි මකුණා පාලනය හා සේනා දළඹුවාගේ කීටයන් සහිත කාඩ්පත සැකසීමනිලධාරින්120
192024.06.27බුලත් වගාවගොවීන්40
202024.07.09ආරක්ෂිත ගෘහතුල බෝග වගාවනිලධාරින්120
212024.07.18සේනා දළඹු මර්ධනයගොවීන්40
222024.07.30-31Plant Doctor පුහුණුවනිලධාරින්120
232024.08.06ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති සැලසුම් කිරීම හා සවිකිරීමනිලධාරින්120
242024.08.15පළාත් තාක්ෂණ ක්‍රියාකාරි කමිටු රැස්වීමනිලධාරින්150
252024.08.22ආරක්ෂිත ගෘහ තුල බෝග වගාවගොවීන්40
262024.09.10 -11-12පෙර කන්න පුහුණුවනිලධාරින්120
272024.09.25පාංශු හායනය හා පාංශු සංරක්ෂණයගොවීන්40
282024.10.10Solar irrigation with remote controlනිලධාරින්120
292024.10.22අතිරේක ආහාර බෝග වගාවගොවීන්40
302024.11.12 – 13කාර්යාලීය පොත්පත් නඩත්තුවනිලධාරින්120
312024.12.102024 වර්ෂයේ ප්‍රගති සමාලෝචනය හා 2025 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම සැකසීමකාර්ය මණ්ඩලය ISTIMI

70

ආයතනය සතු සම්පත්:

  • පුහුණුලාභීන් 140 කට ආසන පහසුකම් සහිත දේශනශාලා – 01
  • පුහුණුලාභීන් 50 කට ආසන පහසුකම් සහිත දේශනශාලා – 02
  • පුහුණුලාභීන් 60 කට නවාතැන් පහසුකම් සහිත නේවාසිකාගාරය
  • අක්ක්ර 10 කින් සමන්විත ආදර්ශ ගොවිපළ