වී වගා ක්ෂේත්ර දින වැඩසටහන කහටගස්දිගිල කනදරා රත්මලේ වෙල් යායේදී
======================================
පුණරුදයට අරුණලු ජාතික වැඩසටහනට සමගාමීව පැරෂුට් ක්රමය, ඩ්රම් සීඩරය හා ඩ්රෝන තාක්ෂණය භාවිතයෙන් සිදුකෙරෙන වී වගාවේ ක්ෂේත්ර දින වැඩසටහනක් කහටගස්දිගිල කලාප භාර සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ අශෝක සෙනවිරත්න මහතාගේ ආරාධනයෙන් කෘෂිකර්ම උපදේශක එම්.අයි ජයකොඩි මහතාගේ සංවිධානයෙන් කනදරා රත්මලේ වෙල් යායේදී උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා ගේ ප්රධානත්වයෙන් හා කහටගස්දිගිලිය ප්රාදේශී ලේකම් තුමාගේ සහභාගීත්වයෙන් 2025.12.03 දින පැවැත්වුණි.
උතුරු මැද පළාතේ ගොවි ජනතාව යැපුම් කෘෂිකර්මාන්තයෙන් මුදවා ව්යවසායකයින් බවට පත් කර අපනයන ඉලක්කයන් ජයගත හැකි ගොවි ප්රජාවක් බිහිකිරිම අරමුණ පෙරදැරිව මෙම ක්ෂේත්ර දින වැඩසටහන සංවිධානය කර තිබූ අතර මෙම ක්ෂේත්ර දින වැඩසටහන සඳහා නියෝජ්ය කෘෂිකර්ම අධ්යක්ෂ (ව්යාප්ති) අනුර වෙල්ගම මහතා ඇතුළු සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ මහත්ම මහත්මීන්, විෂයානුබද්ධ නිළධාරීන්, කෘෂිකර්ම උපදේශක මහත්ම මහත්මීන් ඇතුළු තාක්ෂණ සහයක නිළධාරීන්, ගොවි මහත්ම මහත්මීන් සහභාගී වූහ.
සටහන හා ඡායාරූප ~
උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු මාධ්ය ඒකකය.







No comment