උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ලෙස ආචාර්ය බුද්ධික නිශාන්ත අබේසිංහ මහතා 2024.11.19 දින සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී
ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා කුරුණෑගල ශාන්ත ආනා මහා විද්යාලයේ ආදි සිසුවකු වන අතර සිය මුලික උපාධිය ලෙස පේරදෙණිය විශ්ව විද්යාලයේ කෘෂිකර්ම විද්යාවේදී විශේෂ උපාධිය ලබමින් ශ්රී ලංකා කළමනාකරණ ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාව සහ පේරාදෙණිය විශ්ව විද්යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් බෝග විද්යාව පිළිබඳ සිය පශ්චාත් විද්යාවේදී උපාධිය සහ ජපානයේ හිරෝෂිමා විශ්වවිද්යාලයෙන් කෘෂි ආර්ථික විද්යාව සහ ජපානයේ කොබේ විශ්ව විද්යාලයයෙන් සිය ආචාර්ය උපාධිය කෘෂි ආර්ථික විද්යාව ලබා ඇති අතර උතුරු මැද පළාතේ හයවන කෘෂිකර්ම අධ්යක්ෂවරයා ලෙස අද දින වැඩ ආරම්භ කරන ලදී.
සටහන හා ඡායාරූප~
උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු මාධ්ය ඒකකය.
Post Views: 214
No comment