කෙසෙල් වගා නිරීක්ෂණ චාරිකාවක් සඳහා ලෝක බැංකු මෙහෙයුම් කටයුතු පිළිබද කළමණාකාර අධ්යක්ෂ ඇනා බියාඩේ රාජාංගනයට

ලෝක බැංකු ආධාර මත ක්රියාත්මක වන ව්යාපෘතියක් වන කෘෂි නවීකරණ ව්යාපෘතිය මගින් රාජංගනය ව්යාපාරයේ ඇඹුල් කෙසෙල් වගාව මේවන විට අක්කර 400 ක පමණ වගා කර තිබෙන අතර ගොවීන් තුන්සීයකට ආසන්න ප්රමාණයක් කෙසෙල් වගාව සඳහා සෘජුව සම්බන්ධව සිටී. සතියකට කෙසෙල් කිලෝ 7300 ක් ඩුබායි රාජ්යය වෙත අපනයනය කරන අතර කෙසෙල් කිලෝ එකක් සදහා ඇමරිකානු ඩොලර් 2.01ක් ලැබෙන අතර ගොවීන් සදහා කෙසෙල් කිලෝ එකක් සදහා රුපියල් 170 වක මුදලක් ලැබේ. අපනයන ක්රියාවලියත් සමග මේවන විට දේශීය වෙළෙඳපොළේ කෙසෙල් මිල ඉහල ගොස් ඇතිබව ගොවීන් පවසයි. මෙම වගාවන් කෘෂිකර්ම අමාත්යංශය අධීක්ෂණයෙන් හා කෘෂි නවීකරණ ව්යාපෘතිය මගින් සිදුකෙරේ. මෙම වැඩසටහන සදහා කෘෂිකර්ම හා වැවිලි කටයුතු අමාත්ය මහින්ද අමරවීර, මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක කලාපීය උප සභාපති මාටින් රෙයිසර්,කෘෂි නවීකරණ ව්යාපෘතිය අධ්යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ප්රියංජනි මාදන මහත්මිය ඇතුළු රාජ්ය නිලධාරින් හා ගොවි මහත්ම මහත්මීන් සහභාගී විය.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *