බිංදු ජල සම්පාදන පාදක කරගත් සාර්ථක මිරිස් වගාව

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්රියාත්මක කරනු ලබන තෝරාගත් බෝග සදහා වූ වගා තාක්ෂණික පියවරක් ලෙස මිරිස් බෝග ආදර්ශයක් මහඉලුප්පල්ලම ක්⁣ෂේත්ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය හා එක්ව ක්ෂෙත්ර දින වැඩසටහනක් තිරප්පනේ කෘෂිකර්ම උපදේශක කොට්ඨාසයේ පුලියන්කුලම ග්රාමයේ පසුගියදා පැවැත්වුනි. මෙහිදී බිංදු ජල සම්පාදන පාදක කරගත් සාර්ථක මිරිස් වගාවක් කර තිබූ අතර මෙම ජල සම්පාදක ක්රමය යටතේ වගා කරන වගාවන් සදහා ඉතාමත් අඩු ජල ප්රමාණයක් අවශ්ය වන අතර දැනට පවතින ජල හිඟ තාවයට හා පොහොර යෙදවීමට මෙම බින්දු ජල සම්පාදන ක්රමය මනා රුකුලක් වන අතර වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි බව ගොවිජනතාව පවසයි. මෙහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ප්රියංජනි මාදන මහත්මිය කියා සිටියේ නව තාක්ෂණික ක්රමවේද අනුගමනය කිරීමෙන් ගොවිජනතාවට සැලකියයුතු ආදායම් ලැබෙන අතර කෘෂිකාර්මික කටයුතු වලින් ඈත්ව ඉන්න තරුණ ප්රජාව නැවතත් කෘෂිකාර්මික කටයුතු සදහා එකතු කර ගත හැකි බවයි. වැඩ්දුරත් අදහසක් දැක්වූ අධ්යක්ෂවරිය කියා සිටියේ කෘෂිකර්ම සදහා තිබෙන සීමිත බිම් ප්රමාණය මෙවැනි තාක්ෂණික යෙදවුම් මගින් මහගු ඵලයක් ලබාගත හැකි බවයි. මෙම ක්ෂෙත්ර දින වැඩසටහන සදහා උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්යංශයේ ලේකම් විජය වනසිංහ, නියෝජ්ය කෘෂිකර්ම අධ්යක්ෂ ගයනි රත්නායක,කෘෂිකර්ම උපදේශක කසුන් සංජය මහතා ඇතුළු කෘෂි උපදේශක මහත්ම මහත්මීන් හා ගොවි මහත්ම මහත්මීන් සහභාගී විය.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *