Helabojun 3

හෙළ බොජුන් හලක් විවෘත කිරීම: අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට

උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පාරිභෝගික ජනතාවට පෝෂදායි ආහාර වේලක් ලබාදීමේ අරමුණ පෙරදැරිව හෙළ බොජුන් හලක් විවෘත කිරීම අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාල පරිශ්රයේ දී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මහතාගේ ප්රධානත්වයෙන් 2026.01.08 දින සුභ මොහොතින් සිදුවිය.
මෙහිදී පාරිභෝගීක ජනතාවට අවශ්ය පෝෂදායි දේශීය ආහාර වර්ග සහන මිලට ලබා ගැනීමේ හැකියාව සලසා දී ඇත.
හෙළ බොජුන් හල විවෘත කිරීමේ වැඩසටහන සඳහා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර ලේකම් නන්දන ගලබොඩ මහතා ඇතුළු අමාත්යාංශ ලේකම්වරුන් හා උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා හා දෙපාර්තමේන්තු ප්රධානීන්, රාජ්ය නිලධාරීන් සහභාගි විය.
සටහන හා ඡායාරූප ~
උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපර්තමේන්තු මාධ්ය ඒකකය.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *