යන්ත්‍රානුසාරයෙන් කරනු ලබන අධිඝණත්ව බඩ ඉරිඟු වගා ක්ෂේත්‍ර දිනය

උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්මේන්තුව මගින් සිවලාකුලම කෘෂිකර්ම උපදේශක කොට්ඨාසයේ වන්නම්කුලම ග්රාමයේ යන්ත්රානුසාරයෙන් කරනු ලබන අධිඝණත්ව බඩ ඉරිඟු වගා ක්ෂේත්ර දිනය උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ප්රියංජනී මාදන මහත්මියගේ හා අතිරේක පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ යන අයගේ ප්රධානත්වයෙන් 2024.05.03 දින පැවැත්වුණි. මෙහිදී අදහස් දැක්වූ අතිරේක පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා කියා සිටියේ කෘෂි නවීකරණ වැඩසටහන යටතේ බඩ ඉරිඟු වගාවේ ඵලදායීතාවය හා නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් හෙක්ටයාරයකට මේට්රික්ටොන් නවයක බඩ ඉරිඟු අස්වැන්නක් බලාපොරොත්තු වෙන බවයි. මෙහිදී අදහස් දැක්වූ පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ප්රියංජනී මාදන මහත්මිය කියා සිටියේ උතුරු මැද පළාත බඩ ඉරිඟු වගාවට ප්රමුඛ ස්ථානයක් ගන්නා පළාතක් විදිහට මාස්කන්නය මෙන් යල් කන්නයෙත් සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට කෘෂි නවීකරණ වැඩසටහන යටතේ බලාපොරොත්තු වන බවයි. මෙම
ක්ෂේත්ර දින වැඩසටහන සඳහා නියෝජ්ය කෘෂිකර්ම අධ්යක්ෂ ගයනි රත්නයක මහත්මිය හා කලාප භාර නිලධාරීන් විෂයානුබද්ධ නිලධාරීන් හා කෘෂි උපදේශක මහත්ම මහත්මීන් සහභාගි විය.
සටහන හා ඡායාරූප ~
උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු මාධ්යය ඒකකය.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *