කල්ලංචිය‍ේ සාර්ථක බිම්මල් ව්‍යවසායකයකයා

අනුරාධපුර සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කලාපයේ කල්ලංචිය කෘෂි උපදේශක කොටසේ කෑඳෑව ප්රදේශයේ පදිංචි තරුණයකු වන දිනේෂ් ජයකොඩි නම් වූ සාර්ථක බිම්මල් වගා ව්යවසයෙකු හඳුනා ගත හැක.
ඔහු මේ වන විට තම නිවස ආශ්රිතව විවිධ ප්රභේදවලින් යුත් බිම්මල් වාණිජ මට්ටමින් වගා කරමින් සිය බිම්මල් නිෂ්පාදන සෘජුව වෙළඳ පොළට සපයනු ලබයි. වගා කරන බිම්මල් ප්රභේද අතරට American oyster, Abalony, Pink oyster සහ Bhutan oyster ලෙස නිරීක්ෂණය කල හැකි අතර මේ වන විට එක් දිනක් වියළන ලද විශේෂිත බිම්මල් නිෂ්පාදනයන් මහරගම අපේක්ෂා රෝහල වෙත අලෙවි කරයි.
තවද, ඔහුගේ සෘජු මැදිහත්වීම මත අවට තවත් බිම්මල් වගා කරුවන් බිහි කර ඇති අතර ඔවුන්ගේ එම නිෂ්පාදනද සෘජුව වෙළද පොළ වෙත සපයනු ලබයි.
එම කටයුතු අධික්ෂණය සහ ඉදිරි මගපෙන්විම් කටයුතු වෙනුවෙන් 2023.06.24 දින පළාත් කෘෂීකර්ම අධ්යක්ෂ ප්රියංජනි මාදන මිය නියෝජ්ය කෘෂිකර්ම අධ්යක්ෂ ( ව්යාප්ති) ගයනි රත්නයක මිය කළාප භාර නිළධාරි බණ්ඩාර ජයසුන්දර විෂය භාර නිළධාරි සාලින්ද දිසානායක කල්ලංචිය කෘෂිකර්ම උපදේශිකා ඩබ් එම් පී අප්සරා මිය ඇතුළු නිළදධාරින් සහභාගී විය.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *